brand logo
logo

ලයිසන් නැති වුණත් තෑග්ග BMW එකක්

16 April 2021

නතානන් තායිලන්ත ජාතික දොළොස් හැවිරිදි දැරිවියක්. නමුත් මේ වෙනකොට ඇය අධි සුඛෝපභෝගී BMW මෝටර් රථයක හිමිකාරියක් වෙනවා. මෙතරම් පුංචි වයසක ඉන්න දැරියකට වටිනාකමෙන් ඉහළ මෝටර් රථයක් හිමිවූයේ කෙසේද යන්න පිළිබඳ බොහෝදෙනකුට පැනයක් මතුවේවි. ඇය මේ මෝටර් රථය හිමිකරගත්තේ ඇයගේ ධෛර්යය සහ කැපවීම මතයි. නතානන් වයස අවුරුදු තුනේ ඉඳලම වේශ නිරූපණය සඳහා දැක්වූවේ ඉතාමත් දැඩි කැමැත්තක් බව ඇයගේ මව පවසනවා. ඒ අනුව යන්තම් අවුරුදු හත වෙද්දිම ඇය වෘත්තිමය වශයෙන් වේශ නිරූපණ ශිල්පිනියක් විදිහට ඇයගේ ගමන ආරම්භ කරන්නේ ඊට අදාළ විවිධ පාඨමාලාවන් හදාරමින්.

අවුරුදු නවයේදී තායිලන්තයේ ජනප්‍රියම දැරිය ඇයයි

මේ පුංචි තායිලන්ත වේශ නිරූපණ ශිල්පිනිය කවුද කියලා දැනගන්න ලෝකයම කැමැත්තෙන් ඉන්නකොට මේ දිනවල ඇය ගැන වැඩි වැඩියෙන් කතා පැතිරෙනවා.

අවුරුදු නවයේදී ඇය London fashion weekහි වෘත්තීය වේශ නිරූපණ ශිල්පිනියක් බවට පත්වුණා

මේ ලැබුණු ජනප්‍රසාදයත් එක්කම ඇයට 2018 වසරේදී ලොව සුප්‍රසිද්ධ විලාසිතා කර්මාන්ත උත්සවයක් වන London fashion weekහි වෘත්තිමය වේශ නිරූපණ ශිල්පිනියක් විදිහට සම්බන්ධ වෙන්නත් වාසනාව ලැබෙනවා. මෙපමණ දුර ගමනක් එනවිට ඇයගේ වයස යන්තම් අවුරුදු නවයක් පමණයි.

ඇයගෙන් දිනයක් ලබාගැනීමට පෝලිමේ සිටීමට සිදුවී තිබෙනවා

අවුරුදු නවයේදී තායිලන්තය තුළ වැඩිම ආකර්ෂණයක් දිනාගත් වේශ නිරූපණ ශිල්පිනිය ඇය වූ අතර ඇයගෙන් කාලවේලාවක් වෙන් කරවා ගැනීම සඳහා බොහෝ කාන්තාවන් පෝලිම් ගැසෙන්නට විය. අද වනවිට ඇය, ඇය විසින්ම මහන්සියෙන් උපයාගත් මුදලින් මිලදී ගත් BMW රථයක හිමිකාරිනියක්. සමීපතමයන්ගෙන් තෑගි ලැබෙන ඇයගේ උපන්දිනය දවසේදී ඇය ත්‍යාගයක් ලෙස ඇයටම කියා මෝටර් රථයක් පරිත්‍යාග කර ගත්තාය. ඒ ඇයගේ දොළොස් වෙනි උපන් දිනයටයි. අද වනවිට නතානන් ෆේස්බුක්හි අනුගාමිකයන් 800,000ක් සහ ඉන්ස්ටග්‍රෑම්හි අනුගාමිකයන් 40,000 ක් සහ යූටියුබ් චැනලය සඳහා 270,000 අධික දායකයන් ප්‍රමාණයක් සිටින ළාබාලතම වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය උපන්දිනය උදෑසන අලුත්ම මෝටර් රථයේ පින්තූරයක් සමාජගත කරමින් පවසා තිබුණේ මෙපමණ පුංචි වයසක් තුළ තමන් ආ ගමන පිළිබඳ සතුටු වන බව හා ඇයට මෙන්ම සියලුම දෙනාටම වාසනාව උදාවේවා යනුවෙන් නිහතමානීව ප්‍රාර්ථනා කරන බවයි.

කුඩා දරුවන්ට මේ වෘත්තිය නුසුදුසු බවට චෝදනා එල්ල වෙනවා

මේ පුංචි වේශ නිරූපණ ශිල්පිනියට සුබපැතුම් හා ධනාත්මක අදහස් එක් වනවා සේම ළබාල තරුණියක මෙවැනි ක්ෂේත්‍රයකට යොමු කිරීම සම්බන්ධයෙන් නතානන්ගේ දෙමව්පියන්ටත් දෝෂාරෝපණයන් එල්ල වෙනවා. නමුත් ඇයගේ මව පවසන්නේ වේශ නිරූපණය කුඩා දරුවන්ට සුදුසු නොමැති නමුත් නතානන්ගේ සැබෑ ආශාව එය නිසා ඊට විරුද්ධව ඇයගේ ආශාවට බාධාවක් නොවන බවය. කෙසේ වෙතත් ඇය තවමත් වාහනයක් පැදවීමට වයස සම්පූර්ණ නොමැති නිසා මෙය තෑග්ගක් ලෙසම තවත් වසර කිහිපයක් රඳවා තබාගැනීමට නතානන්ට සිදුවනු ඇත. එරංදි කෞශල්‍යා   
 

More News..