ප්‍රවීණ රංගන ශිල්පියෙක්ගේ නික්ම යාම
ප්‍රවීණ චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද(08) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට අසූ හතර හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබ තිබේ.
සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සැලකෙන රොබින් ප්‍රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.