රු. මිලියන දසදහසකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
31 March 2020
රු. මිලියන දසදහසකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
31 March 2020
කොකේන් කිලෝ 500ක් හා අයිස් කිලෝ 500 ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ නාවික හමුදා බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන දස දහසකට අධික පමණ වන බවද නාවික හමුදාව පවසයි.
පසුගිය 28 වැනිදා පෙරවරු 9.30ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වෙයි.