රුහුණු මහා කතරගම දේවාලයේ ආරම්භක පෙරහර අදයි
10 July 2021
රුහුණු මහා කතරගම දේවාලයේ ආරම්භක පෙරහර අදයි
10 July 2021
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.
පෙරහැර ආරම්භයට පෙර පුරාණ චාරිත්‍රාණුකූලව පවත්වනු ලබන ආශිර්වාද පිරිත් සජ්ඣායනය ඊයේ (09) දින රාත්‍රියේ මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කලහ.
ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර ගරු බස්නායක නිලමේ තුමන්, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි විය.
ඇසළ පෙරහර මංගල්‍යය ලබන 10 වැනි සිට 23 තෙක් පැවැත්වීමට නියමිත අතර 24 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පසු අවසන් වීමට නියමිතය.