brand logo
logo

රියැදුරු බලපත්‍ර කාඩ් පත් නිකුත් කිරීම ගැන පණිවිඩයක්

28 October 2022

ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට

එළඹෙන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ පැවසුවේ ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ. කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.
 

More News..