brand logo
logo

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ධාරිතාව ඉක්මවා යන ලකුණු

03 August 2021

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණෙන රෝගීන් අතරින් දිනකට කොවිඩ් ආසාදිත කුඩා ළමුන් 15ක ප්‍රමාණයක් හඳුනා ගන්නා බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

අධ්‍යක්ෂවරයා පැවසුවේ මේ වන විට දරුවන් 600කට අධික ප්‍රමාණයක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වන බවයි. මෙම තත්ත්වයත් සමග කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ධාරිතාව ද ඉක්මවා යන තත්ත්වයට පත්ව ඇති බව අධ්‍යක්ෂකවරයා සදහන් කරයි. කොවිඩ් දරුවන්ට ප්‍රතිකාර කිරීම සදහා බොරැල්ල සහ රාජගිරිය ප්‍රදේශවල ගොඩනැගිලි කිහිපයක් වෙන්කර ගෙන ඇති අතර, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන්ද තවත් ගොඩනැගිල්ලක් සොයාගෙන ඇති බවද අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
 

More News..