brand logo
logo

රැඳවියගේ අනියම් පෙම මාට්ටු

16 February 2020

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියකු අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන බන්ධනාගාරයේම සිටින රැඳවියෙකුගේ බිරිඳ සමග අද (16) ජංගම දුරකතනයකින් කතා කරමින් සිටියදි එම කාන්තාවගේ සැමියා ද බන්ධනාගාරය තුල සිටම පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද දැනුම් දිමක් අනුව පොලිසිය වහාම බන්ධනාගාරයට ගොස් සිද්ධිය බන්ධනාගාර නිලධාරින්ට දැනුම්දි තිබේ. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින මෙම සැකකරු මත්ද්‍රව්‍ය ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින තවත් සැකකරුවෙකුගේ බිරිඳ සමග සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් බන්ධනාගාරය තුල සිටද සැකකරු ඇය සමග දුර කතනයෙන් කතා කරමින් සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇති බවත් අනාවරණයවි තිබේ. ඒ අනුව ඊයේ දිනයේද එසේ කතා කරමින් සිටින විට ඇයගේ සැමියා විසින් මෙසේ පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. ඒ සමගම පොලිස් නිලධාරින් බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර නිලධාරින් දැනුවත් කර ඇති අතර සැකකරුවන්ට දුර කතන ලැබුනේ කෙසේදැයි යන්න පිළිබඳව බන්ධනාගාර නිලධාරින් විසින් වැඩි දුරටත් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.   එච්.එම්.සමන්
 

More News..