රාමාගේ පාලම ළගින් හනුමාන් කුරුල්ලා හොයාගනී
15 December 2020
රාමාගේ පාලම ළගින් හනුමාන් කුරුල්ලා හොයාගනී
15 December 2020
කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්‌යේෂණ කණ්ඩායමක් කෙන්ටිෂ් ඔලෙවියා නැමැති පක්ෂි විශේෂයේ නව උප විශේෂයක් හඳුනාගෙන ඇත.
ආචාර්ය සම්පත් සෙනෙවිරත්නගේ මග පෙන්වීම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පාරිසරික විද්‍යා දෙපාර්තුමේන්තුවේ සත්ත්ව විද්‍යා පර්‌යේෂක ජූඩ් ජනිත නිරෝෂන් ඇතුළු කණ්ඩායමක් මෙම නව උප විශේෂය සොයාගෙන තිබේ. මෙම නව විශේෂය ‘‘හනුමාන් ඔලෙවියා’’ නමින් හඳුන්වන බව සත්ත්ව විද්‍යා පර්‌යේෂක ජූඩ් ජනිත නිරෝෂන් පවසයි.
මෙම නව විශේෂය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු කලාපයේ සහ වැලිපර ආශ්‍රිතව ජීවත්වන සංචාරක පක්ෂියෙකි.රාමාගේ පාලම නොහොත් ආදම්ගේ පාලම ආශ්‍රිත ප්‍රදේශයෙන් මෙම කුරුලු උප විශේෂය සොයා ගැනීම නිසා එම උප විශේෂය හනුමාන් ඔලෙවියා යනුවෙන් නම් කර ඇත. කෙන්ටිෂ් ඔලෙවියා නැමැති පක්ෂි විශේෂයට වඩා මෙම නව උප විශේෂයේ රූපකාය සමාන වූවත්,ජානවල වෙනස්කම් රැසක් පවතින බව සත්ත්ව විද්‍යා පර්‌යේෂක ජූඩ් ජනිත නිරෝෂන් කියයි.
මෙම නව උප විශේෂය කෙන්ටිෂ් ඔලෙවියා පක්ෂියාට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩාවන අතර,හිසේ වර්ණය ළා පැහැයක් ගනී.හනුමාන් ඔලෙවියා නැමැති පක්ෂියා වරකට බිත්තර 02 ක් හෝ 03 ක් දමන අතර,මෙම පක්ෂියා වසර 10 ත් 15 ත් අතර කාලයක් ජීවත් වේ.
සාලිය කුමාර ගුණසේකර