රාමසාන් උත්සවය දා දේවස්ථානවල විශේෂ යාච්ඤා නෑ
10 May 2021
රාමසාන් උත්සවය දා දේවස්ථානවල විශේෂ යාච්ඤා නෑ
10 May 2021
මේ වන විට රට තුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාමසාන් උත්සව දිනයේ දී රාමසාන් යාච්ඤා නොපැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා වකූෆ් සභාව තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම සෞඛ්‍ය මඟපෙන්වීම් සැලකිල්ලට ගෙන ආගමික සිද්ධස්ථානවල සාමුහික ක්‍රියාකාරකම් වළක්වාලීමට තීරණය කර ඇත.
ඒ අනුව සියලුම මුස්ලිම් පල්ලි රාමසාන් උත්සව දිනයේ දී වසා තැබිය යුතුයි.
එමෙන්ම රාමසාන් උත්සව දිනයේ සංචරණය සීමා කරමින් නිවසේ සිට පවුලේ අය සමග යාච්ඤා කර ඊදුල් ෆිතර් උත්සවය සමරන ලෙස සියලුම මුස්ලිම්වරුන්ට දන්වා තිබේ.