ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් බලා සිටි හද සසල කරවන තොරතුරක්
කතාව අතරතුර බෙල්ලන්විල ඇතා සුදත්ත හිමිට කිතුල් පොල්ලෙන් ගහයි
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ හදිසි අභාවයත් සමග මෙරට හීලෑ අලි ඇතුන් පිළිබඳ පෙර නොවූ විරූ අන්දමේ කතා බහක් ඇතිවිය. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාමන්‍ය මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අරුණ යූ ටියබ් නාලිකාව හා පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී මතුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් මේ කතාබහ තීවුර කිරීමට හේතුවක් විය.
අරුණ යූ ටියුබ් නාලිකාවේ එම සම්මුඛ සාකච්ඡාව නැරඹූ ප්‍රෙක්ෂකයින් දමා තිබූ 3000කට අධික කොමෙන්ට් අතුරින් 1000කට ආසන්න ප්‍රමාණයක් පෙන්වා දී තිබුණේ බෙල්ලන්විල විහාරස්තානයේ වාසය කරන මියන්කුමාර හස්තියා මේ වන විට දස වධ බන්ධනයන්ට භාජනය වන බවත් ඒ හස්තියා පිළිබඳ සොයා බලා තොරතුරු අනාවරනය කරන ලෙසත්ය.
අරුණ කෙරෙහි විශ්වාසය තැබූ ඒ ප්‍රෙක්ෂක මනාපය මත පසු ගිය බදාදා අප බෙල්ලන්විල ඇතා හෙවත් මියන්කුමාර හස්තියා සොයා ගියෙමු.
මෙම ගවේෂණ චාරිකාවේදී බෙල්ලන්විල හස්තියා පිළිබඳ මෙතෙක් සමාජයෙන් සැඟව තිබුණු සංවේදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපට හැකි විය.
වීඩියෝව පහතින්....
https://youtu.be/aCO3PeTgseI