brand logo
logo

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අඩු කරයි

30 August 2022

රැකියා විරහිත තරුණයින්ගේ අසහන තත්ත්වය වැඩිවෙලා

රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීමට අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව පැවසීය. "රාජ්‍ය අංශයේ සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65ක් දක්වාත් අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයින්ගේ අසහන තත්ත්වය වැඩිවී තිබෙන බව නිරීක්ෂණය වෙනවා.ඒ නිසා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස 60 දක්වා අඩු කිරීමට මම යෝජනා කරනවා."
 

More News..