brand logo
logo

රාජ්‍ය මාධ්‍ය ආයතන වලට නව ප්‍රධානීන්

13 June 2022

අලුතෙන් පත් වූ සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න

ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අද (13) පත්කර තිබේ. රූපවාහීනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය මහතා පත්කරනු ලැබ සිටී. අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස, •මහාචාර්ය චමින්ද රත්නායක •මහාචාර්ය ඩී. එම්.අජිත් දිසානායක •නීතිඥ රඛිත අබේගුණවර්ධන ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතා පත්කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය, •නීතිඥ ලලිත් පියුම් පෙරේරා •කතිකාචාර්ය මහේෂ්වරී මහිමදාස් •රවීන්ද්‍ර ගුරුගේ •ඉන්දික ලියනහේවගේ •හසන්ත හෙට්ටිආරච්චි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස හඩ්සන් සමරසිංහ මහතා පත්කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය, •මහාචාර්ය පුජ්‍ය මාගම්මන පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ •ප්‍රියන්ත කේ රත්නායක •ජේ. යෝගරාජ් •එම්.සිසිර කුමාර
 

More News..