brand logo
logo

රසිකාවියන්ට බොරු ආදර බලාපොරොත්තු දෙන්නෙ නැහැ

14 February 2022

තමන්ගේම ගීත දෙකක් ගයමින් මිලියන 20 කට ආසන්න රසික ප්‍රතිචාර විඳින තිවංක දිල්ශාන් අද යෞවනයේ සිහින තරුව ලෙස නම් කිරීමට දෙවරක් සිතා බැලිය යුතු නැහැ. තිවංක අද ප්‍රසංග වේදිකාවේ කාර්යබහුලම යොවුන් තරුවක්. රියැලිටි තරගයක කිරුළ කරා යන ගමනේ අතරමගකදී ලිහී වැටුණ තිවංක එදා එම රියැලිටි තරගයේ කිරුළ දිනාගත් තරුව අබිබවා යන්නට තරම් වාසනාවන්තයෙකු වී තිබෙනවා. මේ ගෙවෙන්නේ මොන වගේ කාලයක්ද? ඇත්තම කියනවා නම් මේ දවස්වල වැඩ ගොඩයි. දවසකට සංදර්ශන 4 -5 කට විතර යනවා. සමහර සංදර්ශනවලට යන්න වෙලාව මදිවෙලා මගහැරෙනවා. කොවිඩ් කාලෙ නැවතිලා තිබුණ ප්‍රසංග උත්සව නැවත ක්‍රියාත්මක නිසා වෙනදටත් වඩා වැඩ වැඩියි. May be an image of 2 people, beard and indoor මේ ජනප්‍රියත්වය හා කාර්යබහුලත්වය ජීවිතයට දැනෙන්නේ කොහොමද? අනිවාර් යෙන්ම කියන්න ඕන ‘ළඟ ළඟටම ඇවිත් ඔයා’ ගීතයත් එක්ක මගේ මුළු ජීවිතයම වෙනස් වුණා. ළඟ ළඟටම ඇවිත් ඔයා ගීතය එළි දක්වලා දවස් දහය පසු වෙද්දි මිලියන දහයක් ගීතය නරඹලා. මේ වනවිට ළඟ ළඟටම ගීතය මිලියන 17ක් නරඹා අවසන්. ඒ විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රියම චාට් ෂෝවල මේ ගීතය නම්බර් වන් වෙලා රැඳී තියෙනවා. මේ ජනප්‍රියත්වයේ රහස ඔබේ හඬෙහි ඇති ප්‍රබලත්වය කියා ඔබ විස්වාස කරනවද? මගේ ගායන විලාසය වගේම මගේ නිහතමානීකමත් මේ ජනප්‍රියත්වයට බලපෑවා කියලා මම විස්වාස කරනවා. එදා රියැලිටි වේදි‍කාවට ගොඩවෙන්න කලින් හිටිය තිවංකම තමයි මිලියන 20 ජනතා ප්‍රතිචාර ලැබුවත් අද ඉන්නෙත්. සිහින සොයා යෑම ඔබේ ජීවිතයට අභියෝගයක් කරගත්තේ කවදා පටන්ද? ජීවිතයේ මම හැමදාම හිතපු දෙයක් තිබ්බා. ඒ තමයි මම කවදා හරි ලංකාවේ ගායන තරුවක් වෙනවා කියන එක. ඒක මම ඉස්කෝලෙ තුන වසරෙදි විතර මගේ හිතට ආපු දෙයක්. එදා ඉඳන් මම ජීවත් වුණේ ඒ හීනයත් එක්ක. මම ඉපදිලා තියෙන්නේ සංගීතය කරන්නම කියලයි මට හිතෙන්නේ. ඒ හීනය සැබෑ කරගන්න ජනතාව තමයි මට වරම ලබාදුන්නේ. මම ඒ හැමෝටම හිස නමා ආචාර කරනවා. May be an image of one or more people, beard and outdoors තිවංකගේ ඊළඟ හීනය මොකද්ද? මේ වෙද්දි මම තව ගීත දෙකක් කරලා තියෙනවා. හොඳට ප්ලෑන් කරලා ඒවා රසිකයන්ට දෙන්න මේ දවස්වල සිහින මවනවා. තිවංකට වැඩියම කැමති තරුණ ගැහැනු ළමයි නේද? එහෙම කියන්න බැහැ. රසික ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මේ ප්‍රතිචාර ලැබෙන්නේ ගැහැනු ළමයින්ගෙන්ද, වැඩිහිටි අයගෙන්ද මොන මොන වයස් මටට්ම්වල ඉන්න අයගෙන්ද කියලා මම වර්ග කර බලලා නැහැ. හැබැයි මට දැනෙනවා පොඩි දරුවෝ පවා මගේ ගීතවලට ආසයි කියලා. එළිමහන් ප්‍රසංග වේදිකාවට ගැළපෙන හඬක් ඇති ගායකයෙක් ලෙසද ඔබ ඉදිරියට යන්නේ? නැහැ. සමහර කලාකරුවන්ට ලැබෙන්නේ එළිමහන් සංදර්ශන විතරයි. ඇතැමුන්ට ලැබෙන්නේ ගෘහස්ථ සංදර්ශන විතරයි. මේ දෙපැත්තම ගොඩනගා ගන්න එක ලේසි නැහැ. මට මේ දෙපැත්තෙම සංදර්ශන අඩුවක් නැතිව තියෙනවා. විදේශීය ප්‍රසංග පැවැත්වෙන්නේ ගෘහස්ථ සංදර්ශන ලෙසයි. ඉදිරියේදී විදේශීය සංචාර කිහිපයක්ම ලැබිලා තියෙනවා. ලබන සතියේ මම සංගීත ප්‍රසංගයක් සඳහා ඩුබායි සංචාරයකට එක්වෙන්නත් නියමිතයි. No photo description available. හරිම කාර්ය බහුලයි නේද? ඇත්තටම මේ වෙද්දි ප්‍රසංග වේදිකාවේ කාර්ය බහුලම ගායකයා මමයි. යෞවන යෞවනියන්ගේ ආදරයට මැදිව සිටින ඔබට පෙම්වතියක් සිටිනවද? ඔව්, මට පෙම්වතියක් සිටිනවා. ඇය ඔබට හමුවෙන්නෙත් මේ ජනප්‍රියත්වය නිසාද? අනේ නැහැ. ජනප්‍රිය වෙන්න කලින් පුංචි රැකියාවක් කළා. ඒ කාලෙදියි මට මගේ පෙම්වතිය මුණගැහෙන්නේ. නැති බැරි කාලේ මුණගැහුණ ඇයට මම ගොඩක් ආදරෙයි. තිවංක පෙම්වතෙක් නිසා ඔබට පෙම් කරන යුවතියන්ගේ ආදර ඇරයුම්වලට දෙන උත්තරය මොන වගේද? ගොඩක් ආදර ඇරයුම් ලැබෙනවා. ඒත් මම ඒ ආදර ඇරයුම්වලට රුකුල් දීලා ඒ අයගේ හිත් රවටන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. මම හැමවිටම අවංක පෙම්වතෙක් කියන තැන ඉන්න උත්සාහ කරනවා. No photo description available. තිවංක ළඟදිම විවාහ වෙන්න නියමිතයිද? විවාහ වෙන්න සූදානමින් ඉන්නවා. ගොඩක් දුරට ලබන අවුරුද්දෙ විතර අපේ විවාහය සිද්ධ වෙයි. මේ ගමනෙදි තිවංකට අමතක කරන්න බැරි මතක මොනවද? මාව හදපු වඩපු අම්මයි, තාත්තයි මට කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දෙන්නට ගොඩක් පින් මාව හැදුවට. ඒ වගේම මම ගොඩක් පුංචි තැනකින් ආපු කෙනෙක්. මාව මෙතැනට ගෙන එන්න රසික රසිකාවියන් ලබාදුන්න ප්‍රතිචාර මට අමතක කරන්න බැහැ. මට මේ රටේ මිනිස්සුන්ගේ ආදරය වටිනවා. මේ ගමනෙදි මට උදව් කරපු අයත් හිටියා, උදව් නොකරපු අයත් හිටියා. උදව් නොකළා කියලා පුංචි හරි කහටක් මගේ හිතේ නැහැ. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..