brand logo
logo

රන්ජන්ගේ වීඩියෝවේ සදහන් කරුණු ප්‍රතික්ෂේප කරනවා - අගමැති

31 July 2019

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ පිරිස් විසින් තමන්ගේ අවධානයට යොමු කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයෙන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස තමන් ඒ වීඩියෝවේ සඳහන් කරුණු ප්‍රතිෙක්‍ෂ්ප කරන අතර, රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කරන බවයි.
 

More News..