රට රැකියාවට යන අයට ෆයිසර්
22 July 2021
රට රැකියාවට යන අයට ෆයිසර්
22 July 2021
රට යන්න එන්නත ගන්න 8000ක් පෝලිමේ
විදේශ රැකියා යාමට වීසා අනුමතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව,ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.
එම රටවල් පිළිගන්නා එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එය එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනාට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සිය එකඟ පළ කර තිබේ.

