brand logo
logo

රජයේ සුභසාධන ලබන්න අයදුම්පතක්

24 October 2022

වැඩිදුර තොරතුරු දැනගැනීමට දුරකථන අංක 2ක්

රජයේ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මේ වනවිට පවුල් ලක්ෂ 38 ක් අයැදුම් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ අතරින් ලක්ෂ 10 ක් පමණ යැපුම් මට්ටමින් පහතට ගොස් ඇති බවට අනාවරණ වන බවයි. ලබන 28 දක්වා සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනට අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝග සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන සියලුම පවුල් හෝ පුද්ගලයින් සහ සහනාධාර අපේක්ෂාවෙන් සිටින පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් නව ව්‍යාපෘතිය යටතේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවයි. අදාළ අයැදුම්පත්‍රය සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) බාගත කළ හැකියි. නියමිත පරිදි පුරවන ලද අයැදුම්පත, අයැදුම්පතෙහි සඳහන් අදාළ නිලධාරීන්ගේ අවසරය ඇතිව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112151481 හෝ 1919 දුරකතන අංක අමතා ලබාගත හැකියි.
 

More News..