brand logo
logo

යොහානි දැන් පෙම්වතියක් ලු

02 June 2022

මේ දිනවල ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ වැඩියෙන්ම කැපී පෙනෙන රංගනය හිමිවන්නේ ඇයටයි. මුරණ්ඩු, හිතුවක්කාරී ගති පැවතුම්වලින් හැමෝගෙම හිත් කම්පනය කරන යොහානි සැබෑ දිවියේ මොන වගේ කෙනෙක්ද කියලා සමහරු අහනවා. යොහානි හෙට්ටිආරච්චි වන ඇය වයස අවුරුදු 4 දී ඩේන්ටි කැලැන්ඩරයේ පෙනී සිට පුංචි තිරයේ ‘පුංචි පැංචි’ තුළින්ද සිනමාවේ හා ටෙලි නාට්‍ය බොහොමයකට දායක වෙමින් කලාවට අවතීර්ණ වී අද වනවිට ක්ෂේත්‍රයේ ස්ථාවරයක් ගොඩනගාගෙන සිටින ශිල්පිනියක්. යොහානි දැන් ළමා චරිතවලින් මිදිලද? බොහෝ දුරට මට දැන් යොවුන් චරිත ලැබෙනවා. ‘ඉරට ළඟ මිනිස්සු’ හා ‘අඳුන්ගිර’ නාට්‍යවල පෙම්වතියගේ චරිතයෙන් දායක වුණා. දැන් ඕනම චරිතයක් කරන්න යොහානි සූදානම්ද? මම අඳින පලඳින රටාවට අනුගතව කරන්න හැකි ඕනෑම විදිහේ චරිතයක් භාර අරගෙන කරන්න මට පුළුවන්. රංගනය ගැන හැදෑරීමක් නොකර ඕනෑම චරිතයක් කරන්න පුළුවන්ද? මම හිතනවා රංගනය කියන්නේ ආයතනයකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මම රංගනය ඉගෙන ගත්තේ ප්‍රවීණ ශිල්පීන්ගෙන්. විශේෂයෙන්ම ශලනි අක්කා සමග රඟපාපු පහුගිය වසර දෙකක කාලයේදී මම රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. May be an image of 1 person, standing and outdoors නිළියක් වීම නිසා හිත රිදෙන අත්දැකීම් විඳින්නත් වෙලා තියෙනවද? අයහපත් ප්‍රතිචාර වගේම කටකතා හැදුණ අවස්ථාත් තියෙනවා. මුලදි නම් ඒවා අහද්දි දකිද්දි මම ගොඩක් දුක් වුණා. දැන් නම් ඒ දේවල්වලට හුරුවෙලා. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ චරිතය නිසා ජනප්‍රියත්වයට ප්‍රශ්නයක් වෙලා නැද්ද? ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ මගේ චරිතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් එක්ක ලැබෙන ප්‍රතිචාරත් වෙනස්. කාලෙකට මම නපුරුයි, හිතුවක්කාරයි කියලා බණිනවා තවත් කාලෙකට හරිම අහිංසකයි, ආදරණීයයි කියලා ප්‍රශංසා කරනවා. ඒක දැන් මට සාමාන්‍ය දෙයක් වෙලා. මේ දවස්වල යොහානි මොනවද කරන්නෙ.. මගේ වයස දැන් අවුරුදු දහඅටයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරනවා. පුංචි කාලෙ ඉඳන් රඟපාන්න යොමුවුණ නිසා අධ්‍යාපනයට බාධා වුණේ නැද්ද? ගොඩක් පාඩු වුණා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න නියමිත අවුරුද්දේ මට ඉස්කෝලෙ යන්න නොලබුණ තරම්. මම පෞද්ගලිකව ඉගෙනගෙන තමයි සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේ. හැබැයි මම සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුණා. May be a closeup of 1 person රංගන කටයුතු නිසා පාසල මගහැරෙද්දී ගුරුවරු හා යාළුවන්ගේ උදව් ලැබුණද? මම මුලින්ම ගියේ රුක්මලේ කනිෂ්ඨ විද්‍යාලයට. පහේ පන්තියෙන් පසුව මම ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. මේ පාසල් දෙකේ මිතුරු මිතුරියෝ තමයි අදටත් මගේ හොඳම යාළුවෝ. මේ පාසල් දෙකේම ගුරුවරුන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා. ඔබගේ අනාගත වෘත්තිය රංගනය වේවිද? මම දැන් ඉගෙන ගන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්. ඒ අංශයෙන්ම නොවුණත් මම වෙනත් අංශයකින් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා. දැන් අපි රංගනයේ යෙදුණට අපිට හැමදාම එක වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කලාව රැකියාව කරගන්නේ නැහැ. යොහානි මෙගා නාට්‍ය හා සීමිත කොටස් ගණනක් ඇති නාට්‍ය කියලා වෙන්කිරීමක් කරනවාද? මම කැමති සීමිත කොටස් ගණනක ටෙලි නාට්‍යවලට දායක වෙන්න. ‘සිහින ගෙනෙන කුමාරියේ’ හැර මෑතකදී දායක වුණු ‘අඳුන්ගිර, ටීචර් අම්මා, බැමිණිතිසාය, ඉරට ළඟ මිනිස්සු’ ටෙලි නාට්‍ය හැම එකක්ම සීමිත කොටස් ගණනක ටෙලි නාට්‍ය. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයට මම දායක වෙද්දි සීමිත කොටස් ගණනක ටෙලි නාට්‍යයක් වුණා. ඒත් දැන් එය දීර්ඝ ටෙලි නාට්‍යයක් වෙලා තියෙනවා. මෙගා නාට්‍ය ජීවිතයට බාධාවක්ද? මම තවම ඉගෙන ගන්න කෙනෙක් නිසා මම හිතනවා කොටස් සීමිත ගාණක් තියෙන ටෙලි නාට්‍යවල රඟපාන එක මට පහසුවක් කියලා. අනික ඒවයෙ වටිනාකමත් වැඩියි. May be an image of 1 person, standing and footwear සැබෑ ජීවිතයේදී යොහානි තුළ සිටින නිළිය මතුවෙනවද? විශ්වවිද්‍යාලයේදි, මගේ අනිත් වැඩ කටයුතුවලදි මම අනිත් ගැහැනු ළමයි වගේ තමයි. බස් එකේ යනවා එනවා. යහළුවොත් මාව නිළියක් විදිහට හඳුන්වනවාට මම කැමති නැහැ. අවශ්‍ය තැනට, අවශ්‍ය විදිහට විලාසිතා කරන්නත්, සරල විදිහට අඳින්න පලඳින්නත් මම කැමතියි. ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද? මම රංගනයට යොමුවීම ගැන තාත්තගේ වැඩි කැමැත්තක් නම් නැහැ. අයියලා දෙන්නත් මුලදි කැමති වුණේ නැතත් දැන් නම් හැමෝගෙම අකමැත්ත මැකිලා ගිහින්. අම්මගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මේ තරම් දුරක් මම ආවේ. මගේ සෙවණැල්ල වගේ ළඟින්ම ඉන්නේ මගේ අම්මා. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..