යුරෝපයේ ප්‍රියතම රතු වතුර ගත්තේ මළ මිනී වලින්
08 April 2021
යුරෝපයේ ප්‍රියතම රතු වතුර ගත්තේ මළ මිනී වලින්
08 April 2021
පිළිකාවට අමූර් පොතු
2014 වසරේදී අග්න්‍යාශ පිළිකාවට එරෙහිව සටන් කිරීම සඳහා භාවිත කළ හැකි පෞරාණික ඖෂධයක් සොයා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. එනම්, ‘අමූර්’ ය. සහස්‍ර ගණනාවක් තිස්සේ චීන ජාතිකයන් අමූර් ගසෙහි (ෆෙලෝඩෙන්ඩ්‍රන් අමුරෙන්ස්) පොතු වේදනා නාශකයක් ලෙස භාවිත කර තිබිණි. ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින්ද සොයා ගනු ලැබූ පරිදි අමූර් පොතු නිස්සාරණයෙන් පිළිකා වර්ධනය වන මාර්ග අවහිර කළ හැකි ය.

මමී තම්බා ගත් තෙල්
මධ්‍යකාලීන යුගයේ විසූ වෛද්‍යවරු ආදි යුගයේදී මමිගත කරන ලද පුරාණ ඊජිප්තු සිරුරු සිය වෛද්‍ය පර්යේෂණ සඳහා භාවිත කිරීමට පටන් ගත්හ. නිදසුනක් වශයෙන්, 1424 වසරේදී කයිරෝවේ බලධාරීහු පිරිසක්, කවුරුන් හෝ විසින් වධහිංසා පමුණුවන ලද පුද්ගලයන්ගේ මළසිරුරු කිහිපයක් හා සොහොන්වලින් ඉවත් කර ගන්නා ලද මමි සිරුරු කිහිපයක් සොයා ගත්හ. විශේෂයෙන් එම මමි උණු වතුරේ තම්බාගෙන තිබූ අතර එහිදී මතුපිටට නැගුණු තෙල් එකතු කරගෙන තිබෙන බව පෙනිණි. තවදුරටත් සොයා බැලීමේ දී මෙලෙස එකතු කර ගන්නා ලද තෙල්, බර අනුව සියයක් රන් කැබලි 25 ගණනේ යුරෝපීයයන් වෙත විකුණා තිබිණි. අදාළ වෙළෙඳාමෙහි යෙදී තිබූ මිනිසුන්ගෙන් බොහොමයක් සිරගත කෙරිණි. කෙසේ වුවත් මළසිරුරුවලින් ලබා ගන්නා ලද තෙල් මිළට ගෙන තිබුණේ යුරෝපීය වෛද්‍යවරුන් පිරිසක් බව සැඟවිය නොහැකි විය.
රතු බෙහෙත්
අද අප නොයෙක් සුළු සුළු රෝගාබාධ සඳහා පාට පාට පැණි වර්ග බොන්නාක් සේ ආදි යුගයේ ජනතාවද වර්ණවත් පැණි බීමට ඇබ්බැහිව සිටි බව පෙනේ. එයිනුත් ඔවුන් වඩාත් ආශා කර තිබුණේ රතු පැහැ බෙහෙත් වතුර පානය කිරීමටයි. එනමුත් එම ඖෂධ සෑදීම වෙනුවෙන් වෛද්‍යවරුන් භාවිත කර තිබුණේ පිළිකුල් සහගත උපක්‍රමයකි. වඩා රතු පැහැගත් සම ඇති මිනිසෙක් මියගිය පසු ඔහුගේ මිනී වළ සොයා ගත යුතුය. අදාළ පුද්ගලයා සියලු ශරීරාංගවලින් සම්පූර්ණ, කැළැල් නොමැති, නැවුම්, වයස අවුරුදු විසිහතරක පමණ පුද්ගලයකු විය යුතු අතර, ඔහු කිසිදු රෝගයක් වැලඳීමෙන් නොව හදිසි අනතුරකින් මියගිය පුද්ගලයකු විය යුතුය. දෙවනුව මළ සිරුර ගොඩ ගෙන, එය දිවා රෑ දෙකෙහි සඳ කිරණවලට නිරාවරණය වීමට තැබිය යුතුය. ඉන්පසුව අදාළ මළසිරුරේ මාංශ පේශි කපා, සුවඳ ලාටු කුඩු සහ කෝමාරිකා ස්වල්පයක් වත් කර එය පොඟවා, මෙළෙක් වීමට ඉඩ හැරිය යුතුය. අනතුරුව සිරුර වියළී යන තෙක් ඉතා වියළි හා සෙවණ සහිත ස්ථානයක එල්ලා තැබිය යුතුය. මේ සියල්ල නිවැරදි ව සිදු වූ කල එල්ලා තිබෙන මළසිරුර දිගේ රතු පැහැති දියරයක් වෑස්සෙනු දැකිය හැකිය. ජනතාව ආශා කළ රතු බෙහෙත් වතුර ලෙස යොදා ගැනුණේ මේවායි.