brand logo
logo

යුද හමුදාවේ නිලධාරීන් 565 කට උසස්වීම්

01 January 2021

  2021 නව වසර උදාවූ අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු 565 කට උසස්වීම් ලබා දී ඇති බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරනවා. මේ අතර බ්‍රිගේඩියර් නිළයේ සිටි පස් දෙනෙකු මේජර් ජෙනරාල් නිළයට උසස් කර ඇති බවත් බ්‍රිගේඩියර් නිළයේ සිටි මනෝජ් ළමාහේවා, අජිත් දිසානායක, ධම්ම හේවගේ, මංජුල කරුණාරත්න ,ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් මෙලෙස මේජර් ජනරාල් නිලයට උසස් කර ඇත. එසේම යුද විශේෂ බලකායේ 24 වන සංවත්සරයට සමගාමීව විශේෂ බලකායේ සෙසු නිළයින් 560 දෙනෙකු උසස් කර ඇති බවද හමුදාව සඳහන් කරනවා. මේ පිරිස අතර බලලත් නිලධාරී 1 නිළයට දෙදෙනෙක්, බලලත් නිලධාරීන් 11 නිළයට 18 දෙනෙකු, මාණ්ඩලික සැරයන් නිළයට 61 දෙනෙකු, සැරයන් නිලයට 84 දෙනෙකු, කෝප්‍රල් නිලයට 325 දෙනෙකු, ලාන්ස් කෝප්‍රල් නිළයට 70 දෙනෙකු වශයෙන් මෙම පිරිස උසස් කර ඇති බවද හමුදා වැඩිදුරටත් සඳහන් වේ.
 

More News..