brand logo
logo

යුක්රේන ජනපති රුසියාවෙන් සටන් විරාමයක් ඉල්ලයි (වීඩියෝ)

25 February 2022

කිව් අගනුවර ස්ථාන රැසක පිපිරීම්

යුක්රේනයේ කිව් අගනුවර ස්ථාන රැසකින් පිපිරීම් ශබ්ද ඇසෙමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ආරක්ෂක අංශ විසින් නිවාස සංකීර්ණ පවා ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ලකරමින් සිටින බවට යුක්රේනය චෝදනා කරයි.

අද පෙරවරුවේ ස්ථාන රැසකට රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවූ බව යුක්රේන ජනාධිපති වොලොඩිම්ර් සෙලෙන්ස්කි ජාතිය අමතමින් සඳහන් කර තිබේ.

ඔහු බටහිර රටවලින් ඉල්ලීමක් කලේ ඈතින් සිට බලානොසිට තම රට රැකගැනීමට සහය වන ලෙසයි. මේ අතර අද රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් යුක්රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා සිටියේ වහා සටන් විරාමයකට යොමුවී සාකච්ඡා සඳහා එන ලෙසයි. https://youtu.be/PaLO8t9JGTs https://youtu.be/jcTbtrwuQ0k
 

More News..