brand logo
logo

මුදල් සොරාගත් තරුණයාට දිට්ඨ ධම්මවේදනිය කර්මය පලදෙයි

21 February 2020

මොරටුව එගොඩ උයන නිවසකට ඇතුලුවී ඡංගම දුරකතන 2 ක් සහ රුපියල් 40000 ක් සොරා ගත් සැකකරුවෙකු බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙනි තිඛේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතේතේ 18 හැවිරිදි මොරටුව එගොඩ උයන පදිංචිකරුවෙකි. නිවෙසන් හිමි කාන්තාවට නිවසේ පිටුපස දොර වැසිමට අමතකවී නින්දට ගොස් සිටි අවස්ථිාවේ මෙම සැකකරු මෙලෙස ඇතුලුවී මෙම භාණ්ඩ සොරාගෙන ඇති බව පොලිසිය පවසයි. ජනවාරි මස 25 වනදින මෙම සොරකම කරන ලද සැකකරු ඊට පසු දින යතුරු පැදි අනතුරකට ලක්වී උකුල් ඇටය බිදී රෝහල් ගතකොට ඇත. සැකකරු විසින් සොරා ගන්නා ලද ඡංගම දුරකතන 2 ක සහ මුදලින් රුපිය්ල 38000 ක් සොයා ගැනිමට හැකිවී තිඛේ. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බන්ඩාර විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි විමර්ශන සඳහා එගොඩ උයන පොලිසිය වෙත භාර දී ඇත.   හේමන්ත ලියනපතිරණ
 

More News..