brand logo
logo

මිනී මස් කන "පිරානා" කැළණි ගඟ, හා දියවන්නාවෙන් මතු වෙයි

20 October 2021

තවත් ආක්‍රමණශීලි මාළුවෙක් මතුවූ හැටි

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන 'පිරානා'වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී තිබේ. කුමන හෝ විධිවලින් එම මාළු වර්ග ජලාශවලට නිදහස් කර ඇති බවත්, ඒ අනුව කැළණි ගඟ, බොල්ගොඩ, දියවන්නාව වැනි තැන්වල සිටින බවට වාර්තා වී ඇති බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර පවසනවා. කාලෙකට පෙර විසිතුරු මත්ස්‍යය කර්මාන්තයට ගෙන ආ මාළු වර්ග අතර පිරානා ද ඉන්නට ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. එලෙස වාණිජ කර්මාන්තයකට, විසිතුරු මත්ස්‍යය කර්මාන්තයකට හෝ මත්ස්‍යයින් කුමන හෝ අන්දමකින් මෙරරට ගෙනවිත් ඇති බවත්, සමහර විට ස්වභාවික ගං වතුරක් පැමිණි විටත් ස්වභාවික පරිසරයට මාළු නිදහස් වන බවත් ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම තවත් ආක්‍රමණශීලි මාළුවෙක් වෙන 'මන්නයා'බොල්ගොඩ වැවෙහි සිටින බවත් මෙවන් ආක්‍රමණශීලි මත්ස්‍යයින් බෝවීමෙන් අනාගතදී තර්ජනයක් විය හැකි බවත් ජලජීවී වගා අංශයේ ජෙයෂ්ඨ විද්‍යාඥ අජිත් කුමාර වැඩි දුරටත් පවසනවා.
 

More News..