brand logo
logo

මහේල නිරෝධායනය වෙයි

07 May 2021

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිය නිරෝධායනය මාලදිවයිනේදී සම්පූර්ණ කිරීමට නියමිත බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමණාකාරිත්වය පවසයි. පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සිටි පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් වන හෙයින්, මහේල ජයවර්ධන මාලදිවයිනේ සිය නිරෝධායන කටයුතු නිමකර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මහේලට අමතරව මුම්බායි කණ්ඩායමේ සිටින ඔස්ට්‍රේලියා මහාද්වීපයට අයත් ක්‍රීඩකයන්ද මාලදිවයිනේ නිරෝධායනය වීමට නියමිතයි. එමෙන්ම ඔස්ට්‍රේලියානු රජය ද ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ ක්‍රීඩකයන්ද මාලදිවයිනේ නිරෝධායනය නිමකර සිය රට බලා පිටත්වයාමට නියමිතයි.
 

More News..