brand logo
logo

මවුස්සාකැලේ ජලාශයට ඉහලින් කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ක්‍රියාත්මක කරයි

22 March 2019

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් අද (22) ක්‍රියාවට නංවනු ලැබුහ. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළුවලට ඉහලින් කෘතිම වැසි අති කිරිම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍යයක් ඉහින අයුරු අප කැමරාවේ සටහන් වුණා. ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදසැන ගුවන් ගත වු වයි12 ගුවන් යානයෙන් මවසුසාකැලේ ජලාශයට ඉහලින් අඩි 8000 ඉහලින් වු වලාකුළු මතින් පියාසර කර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැර ඇති බවයි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කරනු ලැබුවා. 1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතියක් සාර්ථකව සිදු කර ඇති බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ. ශ්‍රි පාද කදුවැටියට ඉහලින් මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් වු පැහැපත් වලාකුළු ගුවන් යානය මගින් රසායනික ද්‍රව්‍යය ඉසිමෙන් අනතුරුව කළු පැහැයක් ගන්නා අයුරු අප කැමරාවේ සටහන් වුණා. https://youtu.be/7XYKiB1Ew-M
 

More News..