brand logo
logo

මධුෂ් 'CID යෙන් CCD යට ගෙනයයි

16 October 2020

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනවිත් ඇති බව වාර්තාවේ. ඒ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහායි. අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඉකුත් 2019 වසරේ මැයි 05වන දා එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවනු ලැබුවා. ඒ අනුව ඔහුව කටුනායක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට පත් වූවා . මාකදුරේ මධුෂ් මනුෂ්‍ය ඝාතන සහ කොල්ලකෑම් 50කට අධික සංඛ්‍යාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු වන අතර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
 

More News..