brand logo
logo

බිලියන පහේ දියමන්ති හා මැණික් කොල්ලයට සම්බන්ධ පැඟිරිවත්තේ සුද්දා අත්අඩංගුවට

13 March 2019

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී සිදුවූ රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමින් යුතු දියමන්ති හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. දෙල්කඳ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වූ අංක 35/15, පැඟිරිවත්ත පාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ පදිංචි වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැඟිරිවත්තේ සුද්දා නැමැති අයෙක් වන අතර සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගත් කරුණු අනුව මෙම දියමන්තිය හා මැණික් කොල්ලය සඳහා භාවිත කළ මෝටර් රථය පිළියන්දල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තබේ. අත්අඩංගුවට පත් සැකකරු හෙට (14) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  
 

More News..