බාල වයස්කාරිය ගැබිනියක් කල තරුණයෙක් මාට්ටු
06 January 2021
බාල වයස්කාරිය ගැබිනියක් කල තරුණයෙක් මාට්ටු
06 January 2021
බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ තරුණයෙකු අද(06) අරණායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර 21 හැවිරිදි තරුණයා මීට මාස 6කට පමණ පෙර මහනුවර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප්‍රදේශයේ නිවසට කැඳවාගෙන ගොස් ඇත.
එම තරුණයා ඇය විවාහ කරගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මාස කිහිපයක් ගතවිමෙන් පසු දැරිය ගැබ්ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කරදීමට විවාහය ලියාපදිංචි කිරීමට 5 වැනිදා ගොස් ඇති අතර එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදි ඇය බාල වයකාර දැරියක බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21 හැවිරිදි තරුණයා සාමසර කන්ද ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය බව වාර්තා වේ.
පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර සිටී.