brand logo
logo

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

12 April 2021

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (12) පස්වරු දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට සහභාගි වීම සදහා බංග්ලාදේශ කණ්ඩායම දිවයිනට පැමිණි බවයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු ටෙස්ට් තරගය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේදීයි.
 

More News..