පෞද්ගලික බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ
22 July 2021
පෞද්ගලික බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ
22 July 2021
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ රෙගුලාසි යටතේ මෙම දඩ නියම කර ඇත. 2016 අංක 1 දරන මූල්‍ය ආයතන රීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙලෙස දඩ නියම කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.මෙරට පෞද්ගලික බැංකු 2කට මූල්‍ය බුද්ධි ඒකකය මගින් රුපියල් මිලියන 03ක (ලක්ෂ 30ක) දඩ නියම කර තිබේ.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් සිදුකරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකි ය.
නයන තරංග ගමගේ
