brand logo
logo

පොදු ගැටලු දැනුම් දෙන්න පොලීසියෙන් දුරකථන අංක තුනක්

25 March 2020

පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී මහජනතාවට කුමන හෝ පොදු ගැටලුවක් මතු වුවහොත් එය දැනුම්දීමට පොලීසිය විසින් දුරකථන අංක කිහිපයක් ලබාදී තිබේ. ඒ අනුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වන 119 අංකය වෙත සහ 0112444480 , 0112444481 යන අංක අමතා එම ගැටළු පිළිබදව දැනුම් දිය හැකියි. සෞඛ්‍ය ගැටලූ , විදුලිය විසන්දිවීම් , ජලය අත්හිටුවීම් ඇතුලු සපුරාගත යුතුව ඇති පොදු ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අදාළ අංක තුන අමතා පොලීසියට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නිතීඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කරයි.
 

More News..