පුරාවිද්‍යා ආඥා පනත අධ්‍යයනයට කමිටුවක්
25 July 2020
පුරාවිද්‍යා ආඥා පනත අධ්‍යයනයට කමිටුවක්
25 July 2020
පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
පුරාවස්තු රැකගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට, පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී ජනාධිපතිවරයා විසින් මේ තීරණය ගෙන ඇත.
පුරා වස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත්, ප්‍රායෝගිකව මතුවන ගැටලු නිරාකරණයත් මෙම පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.