පිළියන්දල අරින්න කියලා යුද හමුදාපතිට කතා කළේ ගල්කිස්ස එස්. පී.
08 May 2021
පිළියන්දල අරින්න කියලා යුද හමුදාපතිට කතා කළේ ගල්කිස්ස එස්. පී.
08 May 2021
ගිය සතියේ රටේ වැඩියෙන්ම ආන්දෝලනයට ලක් වූ දේශපාලනඥයා වූයේ ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේය. කොරෝනා ශීඝ්‍රයෙන් කැස්බෑව හා පිළියන්දල ප්‍රදේශවල ව්‍යාප්ත වීම හේතුවෙන් එම ප්‍රදේශ ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය අංශ ගත් තීරණය ගාමිණි ලොකුගේ ඇමැතිවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් ඉවත් කළ බව ඔහුට එල්ල වන චෝදනාවය. මේ සිද්ධිය ගැන කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය කියන්නේ තමාගේ ප්‍රදේශයේ සංචාරණ සීමා ඉවත් කළේ තමන්ටත් නොදන්වා බවය. දේශපාලනඥයන්ගේ හිතුමනාපයට මෙවැනි තීරණ ගැනීම ගැන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද ඇමැතිවරයාට දැඩිව චෝදනා එල්ල කළේය. ඒ චෝදනා ගැන ‘සතිඅග අරුණ’ ගාමිණී ලොකුගේ ඇමැතිවරයාගෙන් ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
ඇමැතිතුමා වෛද්‍යවරයෙක්ද, එහෙම නැතිනම් චණ්ඩියෙක්ද?
අපෝ නැහැ. මම ජනතාව වෙනුවෙන් සේවය කරන පුද්ගලයෙක්. මම වෛද්‍යවරයකුත් නෙවෙයි, දේශපාලනඥයෙක්.
වෛද්‍ය දැනුමක් නැතිනම් ඔබ කොහොමද කොරෝනා නිසා මැයි මස දෙවන දින පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පැනවූ හුදකලා කිරීම සවස ඉවත් කළේ?
මම ඉවත් කළේ නැහැ. හුදෙකලා කර ඇති බව මම දැනගත්තේ පාන්දර දෙරණ අරුණ’ පුවත් වැඩසටහනෙන්. ලොක්ඩවුන් එකක් ඉවත් කරන්න මට බැහැ. නමුත් ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව කොවිඩ් කාර්ය සාධක බළකායේ නිර්දේශය මත හුදෙකලා කිරීම ඉවත් කෙරුණා.
නමුත් ඔබේ බලපෑමට හුදෙකලා කිරීම ඉවත් කළ බවට චෝදනා නැගෙනවා?
මම බලපෑම් කළේ නැහැ. මැයි දෙවැනිදා උදේ අපේ ගෙදර පිළියන්දල ප්‍රදේශයේ විවිධ සංගම් ඇවිත් සාකච්ඡාවක් පැවැත් වූවා. මම එම සාකච්ඡාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමන්තිකා විජේසුන්දරට එන්න කීවා. ඇය ආවේ නැහැ. පොලිස් අධිකාරි, පොලිස් ස්ථානාධිපති, ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ආවා. එහිදී ඉදිරිපත් වූ ඉල්ලීම තමයි යොමු කළේ.
සාකච්ඡාව අතරතුරේදී තමයි ඔබ බලපෑම් කළේ? මම හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් ඇහුවා. ලොක්ඩවුන් කිරීම ප්‍රශ්නයක් කියලා දැනුම් දුන්නා. ගල්කිස්ස පොලිස් අධිකාරී තමයි හමුදාපතිට කතා කළේ. මම අඩුම තරමේ සෞඛ්‍ය ඇමැතිට හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටවත් කතා කළේ නැහැ. ඇයි ‘‘ලොක්ඩවුන්’‘ එකක් ඉවත් කරන්න සාකච්ඡාවක් තිබ්බේ. එවැනි දෙයක් කිරීමත් නිරෝධායන පනත උල්ලංඝනය කිරීමක්නෙ ? පිළියන්දල හා කැස්බෑව ග්‍රාම සේවා වසම් 54 ක් තියෙනවා. හැබැයි සෑම ග්‍රාම සේවා වසමකම කොවිඩ් රෝගීන් හිටියේ නැහැ. ගොරකපිටිය, දාම්පේ වැනි ප්‍රදේශවල තමයි වැඩිපුර හිටියේ. පිළියන්දල නගරයේ වැඩිපුර හිටියේ නැහැ. එම නිසා පළාතම ලොක්ඩවුන් කිරීමෙන් ජනතාව ජීවත් වෙන්නේ කොහොමද? පමුණුවට ඇඳුම් සපයන අය ජීවත් වන්නේ කොහොමද? එම නිසයි මම මැදිහත් වුණේ.මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට කතා කළේ නෑ
නමුත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරනවා කොවිඩ් පාලනයට ලොක්ඩවුන් කළ යුතුයි කියා? මම ලිපියක් ගැන නම් දන්නේ නැහැ. සමහර නිලධාරින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සඳහාද ලිපි යවනවා කියලා සැකයක් තියෙනවා. නමුත් පළාතේ තිබෙන ප්‍රශ්නය ගැන මම නිලධාරින්ට දැනුම් දුන්නා. මම වසර 38 ක් දේශපාලනය කළ පුද්ගලයෙක්. ජනතා ඉල්ලීමට මම අදත්, හෙටත් කටයුතු කරනවා. උදව් කරනවා. ගාමිණී ලොකුගේ ‘ලොක්ඩවුන්’’ එක ඉවත් කිරීම ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවානේ? මම දන්නවා. බදාදා නිලධාරින් ඇවිත් විමර්ශනය ආරම්භ කළානේ. නැවත ඔබේ ප්‍රදේශය ලොක්ඩවුන් කළොත් එය ඉවත් කිරීමට ඔබ මැදිහත් වෙනවද? මම ලොක්ඩවුන් එක ඉවත් කළේ නැහැ. සෞඛ්‍ය නීති රීති පිළිගත යුතුයි. මම ලොක්ඩවුන් ඉවත් කරන්න මැදිහත් වෙන්නේ නැහැ. රටේ නීතියක් තියෙනවා. ඊට එරෙහිවීම නීති විරෝධියි. විමර්ශනයට අනුව තේරෙයි අපි කියපු එක හරිද වැරදිද කියලා. මැයි 02 දා පිළියන්දල පොළට එන ජනතාව නතර කිරීමේ අරමුණින් ලොක්ඩවුන් එක කළා කියලා මාධ්‍යවල පළ වුණා. මොන බොරුද? පොළක් තිබුණේ නැහැ. පිළියන්දල වෙළෙඳ සංකීර්ණය හා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය නම් එදා විවෘත කිරීමට නියමිතව තිබුණා. උදයජිව ඒකනායකසමහර නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ලිපි යවනවා