පිළිකා කාරක පොල් තෙල් කන්ටේනර් නැව්ගත කිරීම අරඹයි
12 April 2021
පිළිකා කාරක පොල් තෙල් කන්ටේනර් නැව්ගත කිරීම අරඹයි
12 April 2021
පිළිකා කාරක පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවතා ඇති බාබරා නෞකාවට පැටවීම ආරම්භ කර තිබේ.
කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් මෙට්ට්‍රික් ටොන් 105ක් අඩංගු බහාලුම් 6ක් එලෙස ප්‍රතිඅපනයනයට පියවර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.
එම පොල්තෙල් තොගය අප්‍රේල් මස 6 වන දින ආනයනයකරුගේ පෞද්ගලික ගුදමේ සිට කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැගෙන විත් තිබුණි.
එම පොල්තෙල් තොගය රැගත් බාබරා නෞකාව අද සවස 5.00 ට කොළඹ වරායේ SAGT පර්යන්තයෙන් මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.





