පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
10 June 2019
පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි
10 June 2019
අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් වාර්තාව අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදුන් බවයි.
එම අවස්ථාවට පරික්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද සහාභාගි වී සිටියහ.
අදියර දෙකකින් සමන්විත වූ එම පරික්ෂණ කටයුතුවල අතුරු වාර්තා දෙකක් මීට පෙර ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබීය.