brand logo
logo

දැරණියගල ප්‍රා.සභා සභාපති අත්අඩංගුවට

17 April 2021

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබුන ජල මාපක 477ක් සහ තවත් උපකරණ රැසක් පසුගිය මාර්තු 30 දා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබුණි. මේ සම්බන්ධයෙන් අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන බව පොලිසිය සඳහන් කර තිබුණි. ඒ අනුව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ජල මාපක 98ක් සමග සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පැවසුවේය. අද (17) පොදු දේපළ පනත යටතේ සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 

More News..