brand logo
logo

පඬු කරඳ ගස පැවිදි කෙරේ

10 February 2021

  මේවන විට දැඩි කතාබහට ලක්ව ඇති මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිවන භුමියේ තිබෙන ලංකාවට ආවේණික ආරක්ෂිත ශාකයක් වන කෲඩියා සෙලනිකා හෙවත් පඬුකරද ගස ආරක්ෂා කිරීමේ අරමුණින් මහා සංඝරත්නය අද (10) එම ස්ථානයට වැඩමකර තිබේ. මෙහිදී ජාතික භික්ෂු පෙරමුණ හා පුරාවස්තු සුරකීමේ සංවිධානයට සම්බන්ධ මහා සංඝයා වහන්සේලා පිරිසක් එහි ගොස් සෙත් පිරිත් දේශනා කර චීවරයක් පළඳා පැවිදි කර සාංඝික දේපළක් බවට පත්කර ඇති බව වාර්තාවනවා. මෙහිදී ගස වටා චීවරයක් පළඳා පිරිත් නූල් බැඳ පඬුකරඳ ගස සාංඝික දේපළක් බවට පත්කර ඇත. ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික තංගල්ලේ නාරද හිමියෝ සඳහන් කරන්නේ'ගස සාංඝික කර චීවරයක් පළන්දන ලද්දේ ගස ආරක්ෂා කර ගැනීමේ උත්සාහයක් වශයෙන් බවද උන්වහන්සේ සඳහන් කරනවා. එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ සාමාජිකයින් වන හෝමාගම ආනන්ද, තලහගම ඥානසිරි, අත්තයාල විජිත යන හිමිවරුන් ද ගම්පහ දිස්ත්‍රික් සමාජවාදී තරුණ සංගමයේ හා මුතුරාජවෙල අභය භූමිය රැක ගැනීමේ සංවිධාන නියෝජිතවරු සහභාගී වී තිබේ.
 

More News..