News

නිවසට රැගෙන ගිය මළ සිරුරට කොවිඩ් පොසිටිව්

නිවසට රැගෙන ගිය මළ සිරුරට කොවිඩ් පොසිටිව්

ප‍්‍රතිකාර ලබමින් සිට රත්නපුර ශික්‍ෂණ රෝහලේ දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් මැදිහත්ව එම සිරුර රාත්‍රියේම සැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කර ඇත .

ආසාදිත මව වෙනත් අසනීප තත්ත්වයකට රෝහලට ඇතුළත් කිරීමේ දී අන්ටිජන් පරීක්ෂාවක් සිදුකර තිබෙන අතර එහිදී ආසාදිත නොමැති නව තහවුරු වී ඇත. ඒ අනුව ඇය වාට්ටුවකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදී තිබේ.

මේ අතර තුර ඇය මියගොස් තිබෙන අතර අනතුරුව මළසිරුරද PCR පරීක්ෂණය කට ලක්කර ඇත. කෙසේ නමුත් වාර්තාවේ ප්‍රථිපල පැමිණීමට පෙර හදිසි මරණ පරීක්‍ෂණයක් ද පවත්වා සිරුර අයිතිකරුවන්ට බාරදී ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

අනතුරුව සිරුර මල්ශාලාවකට භාරදී එහි කටයුතු නිමකර පාතගම, දුම්මලේගොඩ නිවසට රැගෙන යන අතර තුර ලැබුණු පී.සී.ආර් වාර්තාවට අනුව ඇයට කොවිඩ් ආසාදිතව තිබුණ බව හඳුනා ගෙන ඇත .

අනතුරුව වහාම ක්‍රියාත්මක වී පොලිසිය මියගිය තැනැත්තියගේ ඥාතීන් දැනුවත් කර රාත‍්‍රීයේම සිරුර ආදාහනය කිරිමට කටයුතු කර තිබේ.