brand logo
logo

නාමල් කනගාටුවෙයි

12 May 2022

නාමල්ගේ මූණුපොතේ හා ට්විටර් එකේ තැබූ සටහන්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තම ෆේස්බුක් ගිණුමේ හා ට්විටර් ගිණුමේ ශෝකය පලකිරීමේ සටහන් තබා ඇත. පසුගිය දිනවල රට තුළ ඇති වූ කලබලකාරී සිදුවීම් වලදී තුවල ලැබූ හා මිය ගිය පුද්ගලයින් ගැන ඔහු මෙමගින් සිය කනගාටුව පල කර ඇත. නාමල් තැබූ සම්පූර්න සටහන මෙසේය. ''මෙම අවාසනාවන්ත සිදුවීම්වලින් මියගිය අයගේ පවුල්වලට හා ආදරණීයයන්ට මාගේ බලවත් සංවේගය පළ කරනවා. විශේෂයෙන්ම මියගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමන් ගේ පවුලේ අයට හා ආදරණීයන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. සිදුවීම්වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා යි ද ප්‍රාර්ථනා කරන අතර මේ දක්වා සිදුවු ප්‍රචණඩකාරි සිදුවීම් ගැන කණගාටුවට පත් වනවා. ප්‍රචණ්ඩත්වය නතර කර රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සැවොම ක්‍රියාකරමු'' ''My deepest sympathies to the families & loved ones of all those who died during this terrible time under terrible circumstances. Especially, Hon. Amarakeerthi Athukorala. He was on all accounts a good man. It’s sad that things had to escalate to this! Let’s stop the violence!''
 

More News..