දකුණු ආසියාවේ වැඩිම මාතෘ මරණ ලංකාවේ
22 July 2021
දකුණු ආසියාවේ වැඩිම මාතෘ මරණ ලංකාවේ
22 July 2021
දකුණු ආසියාවේ ළමා හා මාතෘ මරණ ඉහළට
කොවිඩ් වසංගතයත් සමග සෞඛ්‍ය අංශ අඩාළවීම හේතුවෙන් දකුණු ආසියානු රටවල ළමා හා මාතෘ මරණ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කොවිඩ් වසංගතයේ සෘජු හා සෘජු නොවන බලපෑම සහ දකුණු ආසියාවේ ප්‍රතිචාරය යනුවෙන් නම්කර ඇති වාර්තාවකට අනුව ඇෆ්ඝනිස්තානය, නේපාලය, ඉන්දියාව සහ ලංකාව ඇතුළු රටවල් තුළ මේ වනවිට ළමා සහ මාතෘ මරණ 239,000 කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. මෙම රටවල් අතරින් පසුගිය 2020 වසර තුළදී වැඩිම ළමා මරණ ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එම ප්‍රමාණය පෙර වසරවලට සාපේක්ෂව 15.4% කින් ඉහළ ගොස් ඇත. ඊට අමතරව බංග්ලාදේශයේ ළමා මරණ 13% කින්ද ඉහළ ගොස් තිබේ.
