දක්ෂිණ අධිවේගයේ තෙල් බවුසරයක් ගිනිගනී
10 April 2021
දක්ෂිණ අධිවේගයේ තෙල් බවුසරයක් ගිනිගනී
10 April 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න අතර ප්‍රදේශයේදී අද (10) අලුයම තෙල් බවුසරයක් ගිනි ගැනීමට ලක්ව තිබේ.
කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථය ඊයේ(09) සවස ගිනිගෙන තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහ ප්‍රවේශ මාර්ග අතර 62 කිලෝමීටර් කණුව ආසන්නයේදී ය.
පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලීසිය මැදිහත්ව ගින්න පාලනය කර තිබේ.
ගින්නෙන් තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න නිවීම සඳහා අධිවේගී මාර්ග පොලීසිය දැඩි පරිශ්‍රමයක් දැරු බව වාර්තා වේ.