News

තේ පර්යේෂණ ආයතනයේ 30කට කොවිඩ්

තේ පර්යේෂණ ආයතනයේ 30කට කොවිඩ්

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ 30 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජනය කර තිබූ අතර ඉන් 30 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බවට අද (07) තහවුරු වී ඇත.

තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තලවකැලේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා සඳහන් කරයි.