brand logo
logo

තෙල් අර්බුදයට මැඩලන්න CEYPETCO එකට බෑ

20 June 2022

අයි.ඕ.සී. ඇතුළු තවත් සමාගම් වලට ඉන්ධන බෙදා හැරීමට අවසර

ඉන්ධන අර්බුදයට තනිව මුහුණ දීමට සිපෙට්කෝ ආයතනයට නොහැකි බවත් අයි.ඕ.සී. වැනි තවත් සමාගම් කිහිපයක් සඳහා ඉන්ධන බෙදා හැරීමට අවසර ලබා දීමට කටයුතු කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. ෂෙල්, කැල්ටෙක්ස් වැනි ඉතිහාසයේ අප රට තුළ පැවැති සමාගම් මෙන් ආයතන නැවත පිහිටුවීමට අවශ්‍ය බවත් ඉන්ධන නිෂ්පාදනය කරනු ලබන රටවල් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඉන්ධන ඒකාධිකාරියක් පිහිටුවීමට රජය ගනු ලැබූ වැරදි තීරණ හේතුවෙන් මෙම සමාගම් රටෙන් ගිලිහී ගිය හෙයින් සිංගප්පූරුව වෙත වාසිදායක වූ බව අමාත්‍යවරයා ඊයේ (19) බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා තිබේ. ලංකාවේ මුදල් භාවිත නොකර තෙල් බෙදා හැරීමට හැකියාවක් තිබෙන ලෝකයේ විවිධ සමාගම්වලට මේ අවසරය ලබා දෙන්නට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය. මෙම අවසරය දෙනු ලබනුයේ එක් කොන්දේසියක් මත බව ත් එහිදී වසරක කාලයක් ණය ක්‍රමයක් යටතේ තෙල් ගෙන ඒමට හැකි ආයතනයක් ලෙස සහතික විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවට වාර්තා වෙයි.
 

More News..