brand logo
logo

තවත් පාලම් පාරුවක් පෙරළෙයි

04 December 2021

කළුතර දකුණ ප්‍රදේශයේ දී සිදු වූ දේ

කළුතර දකුණ ප්‍රදේශයේ දී කළුගඟේ පාලම් පාරුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. පුද්ගලයින් පස් දෙනෙකු, යතුරුපැදි තුනක් සහ පාපැදියක් සමගින් අදාළ පාලම් පාරුව කළුගඟේ ගල්පාත තොටුපොළේ සිට බොලොස්සගම තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී එම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදී පුද්ගලයින් සිව් දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත. අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව සිදුකරන බව පොලීසිය සඳහන් කළේය. ඊයේ (03) රාත්‍රීයේ මෙම ඔරුව අනතුරට ලක්වු අවස්ථාවේදී එහි සිටි පිරිසෙන් එක් අයෙක් ජීවිතාරක්ෂ කබා පැළඳ නොසිටි බවද ප්‍රදේශවාසීන් පවසයි. මේ අතර, පසුගිය (23) ත්‍රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාළම් පාරුවක් පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනෙකු මිය ගියේය. අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
 

More News..