තවත් ආසාදිතයෙක් කටුනායක දී පළායයි
22 January 2021
තවත් ආසාදිතයෙක් කටුනායක දී පළායයි
22 January 2021
ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇත.
ඊයේ (21) දිනයේ දී එම ආසාදිතයා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
පැනගිය ආසාදිතයා කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි අයෙක් වන අතර සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ආසාදිතයකු බව හඳුනා ගෙන තිබේ.
මොහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ආසාදිතයා සම්බන්ධයෙන් මේ වන විට කටුනායක පොලීසිය විමර්ශනයක් අරඹා ඇත.