brand logo
logo

තනිකඩ ජීවිතේ මරු !

31 July 2022

යූටියුබ් කියපු ගමන් අපට එක එක දේවල් මතක්වෙන බව ඇත්ත. ඒ අතරින් ‘වස්ති’ කියන නම අමතක වුණොත් ඒක පුදුමයක්. මොකද ලංකාව ඇතුළේ යූටියුබ් කලාව උඩුයටිකුරු කරපු නමක් තමයි ‘වස්ති’ කියන්නේ. ඒ නිසාම අදටත් වස්ති වීඩියෝ එකක් එනකල් ලංකාවේ මිනිස්සු ඉන්නේ මග බලාගෙන. අනික තමයි එහෙම එන හැම වීඩියෝ එකක්ම නවතින්නේ ට්‍රෙන්ඩින් වෙලා. මේ දවස්වල ‘මන්දාරම් කතාවේ’ ගීතයත් එක්ක ඔහු ගායකයෙක් විදිහටත් ප්‍රසිද්ධයි. ඉතින් එකී නොකී මෙකී හැමදෙයක් ගැනම අහන්න අපි හිතුවා මෙදා සැරේ අනුෂ්කට ටිකක් කතා කරන්න.

අනුෂ්කට අවංකව ආසියාවේ මුතුඇටය ගැන මේ වෙලාවේ මොකද හිතෙන්නේ? ඉස්සර තමයි අපේ රටට ආසියාවේ මුතුඇටය කිව්වේ. හැබැයි දැන් කියන්න බෑ. ඉස්සර පිටරට ෂෝවලට ගිහින් අපි ශ්‍රී ලංකාවේ කීවේ පට්ට ආඩම්බරෙන්. ඒත් දැන් එහෙම කියද්දි එයාලා කිණ්ඩියට වගේ හිනාවෙනවා. ඒ තරමටම ගණන් ගන්නේ නෑ. අවංකව ඒ තරම් බංකොලොත් රටක දැන් අපි ඉන්නේ. May be an image of 1 person, beard, standing, playing a musical instrument and indoor අපි කොළඹ ගෝල්ෆේස් අරගලේ එහෙමත් අනුෂ්ක ඉන්නවා දැක්කා? ඇත්තටම මුල් දවස්වල ගියා. ඒ ගිය හැමදාම මගේ චේතනාව වුණේ හැමෝගෙම චේතනාව. සමහරු රැල්ලට ගිය හැටිත් දැක්කා. බෝඩ් එකක් උස්සන් ෆොටෝ එකක් ගහන්න ඕනකමට ගිය අයත් හිටියා. ඔය අස්සේ අපිත් ආවා කියලා නම් ලකුණු කරන්න ගිය අයත් එහෙන් මෙහෙන් දැක්කා. හැබැයි මං නම් ඒ ගමන ගියේ හදවතින්මයි. හැමතැනම තෙල් පෝලිම්. ඔබේ පරණ වීඩියෝවකත් ඊට සමාන කතාවක් තියෙනවා දැක්කා. අද වෙන දේවල් මෙහෙම එදා කිව්වේ කොහොමද? දැන් රටේ වෙන ගොඩාක් දේවල් මගේ පරණ වීඩියෝවල තියෙනවා. මං ‘දැන් සැපද’ කියන සින්දුව එළියට දානකොට අරගලයක් ගැන මිනිස්සු හිතලවත් තිබුණේ නෑ. කොටින්ම ඒ වෙනකොට කවුරුත් පැවැති ආණුඩුවට විරුද්ධව හූවක්වත් කියලා නෑ. ඇත්තම කිව්වොත් සමහරු ඒ සින්දුව දාන්නත් එපා කිව්වා බයට. ඒත් මං දැම්මා. අවංකව කිව්වොත් දේශපාලනය ගැන අනුෂ්ක දරන මතය මොකක්ද? මං කවදාවත් දේශපාලනේට කඩේ ගිය මනුස්සයෙක් නෙවෙයි. මාව එහෙම යවන්නත් බෑ. අනික තමයි එහෙම කඩේ ගියා නම් මට කෝටි ගණන් හම්බ කරගන්න තිබුණා. හැබැයි මගේ හදවතට එකඟව ඒක කළේ නෑ. ඇත්තටම මට මේ දේශපාලනේ කියන වචනේ හෙන තිත්තයි. May be an image of 1 person ලංකාව ඇතුළේ පවත්වපු ඡන්දෙකදි කතිරයක් ගහලා කවදාවත්ම අනුෂ්ක සතුටක් ලබලා නැද්ද? අනේ මන්දා. හැබැයි මොන ආණ්ඩුවට කතිරේ ගහලා ආවත් මං ඒ ආණ්ඩුවේ අවුලක් දැක්කොත් ඒක විහිළුවට ගන්නවා. ඒක මගේ හැටි. වස්ති එකේ තඩියා ගිහින් ඡන්දේ ඉල්ලලා රටට අරින්න හැදුවත් තඩියවත් මං විහිළුවට ගන්නවා. කලාකරුවා කියන පුද්ගලයාට දේශපාලනේ කැපයි කියලා හිතෙනවද? කලාව කියන්නේ උතුම් වෘත්තියක්. ඒක නිසා කලාව කරන කෙනෙක් දේශපාලනයට කඩේ යනවා නම් ඒක තමන්ගේ වෘත්තිය පාවාදීමක්. දැන් පේනවනේ කඩේ ගිය අයට කැඳත් නැතිවෙලා ඉන්න හැටි. ඒ නිසා මං නම් කියන්නේ කලාකරුවාට දේශපාලනය අකැපයි. අනුෂ්කට රටේ ජනාධිපති වෙන්න වරමක් ලැබුණොත් මුලින්ම කරන්නේ මොකක්ද? ජනාධිපති වෙන්න වරමක් ලැබුණට මදි. ඒත් එක්ක දේශපාලනය තුළ තියෙන සියලුම පරිණත බවත් ඔළුවට යන්න ඕනේ. අන්න ඒකත් එක්කම වරම ලැබුණොත් එකෙන්ම ඒක අරන් රට ගොඩදානවා.   අනුෂ්කට මල්සරා විදින්න පරක්කු මොකද? මං හිතන්නේ ගොඩාක් වෙලාවට මල්සරා විදින්නේ නැතිවෙයි. මොකද මට හැමදේම පේන්නෙ ටිකක් අමුතු විදිහට. ඒක හින්දා හරියන එකක් මුණගැහෙන්නේ නැති පාටක් තියෙන්නේ. මුණගැහුණත් මොකක් හරි අඩුවක් පේනවා. ඒ හින්දා තනිකඩ ජීවිතේ මරු කියලා හිතාගෙන ඉන්නවා. May be an image of 2 people, beard, people standing and sunglasses තනිකඩ ජීවිතේ මරු කියන්නේ ලංකාවේ අවංක කෙල්ලෝ නැති හින්ද ද? එහෙම එකක් නෙවෙයි. ඇත්තටම මං තනියෙන් මගේ වැඩ ටික කරගෙන යන්න කැමැතියි .අවංක කෙල්ලෝ නම් ලංකාවේ ඕන තරම් ඇති. හැබැයි මට හරියන්නේ නැත්නම් මං මොනවා කියලා කරන්නද ඉතින්. ඇත්තටම මට තනිකඩ ජීවිතේ හොඳයි. අනුෂ්ක ‘වස්ති’ නිහඬයි වගේ දැන් පේනවා. අලුත් වැඩක් එහෙම ළඟදි එළියට දාන්නේ නැද්ද? වස්ති අලුත් වැඩක් ළඟදීම එනවා. ඒක ටිකක් වෙනස්ම දෙයක් වෙයි කියලත් හිතනවා. ඒ වගේම කියන්නම ඕන වස්ති නිහඬවෙන්නේ නෑ. අනුෂ්ක ජීවත්වෙලා ඉන්නකල් වස්තිත් ජීවත් වෙනවා. වස්ති වැඩක් නාවට අනුෂ්කගේ හඬින් මේ දවස්වලට අපූරු ගීතයක් නම් ඇහෙනවා. එහෙම නේද? ඔය කියන්නේ ‘මන්දාරම් කතාවේ’ කියන ගීතය වෙන්න ඇති. ඒක ‘හතේ හත’ කියන වෙනස්ම කන්සෙප්ට් එකේ එක ගීතයක්. මං හිතන්නේ මේ වෙනකොට ‘මන්දාරම් කතාවේ’ තාරුණ්‍යය අතර ලොකුවටම ජනප්‍රිය වෙලා තියෙනවා. No photo description available. රුවන් එස්. සෙනවිරත්න https://youtu.be/6V62okYjrCc
 

More News..