විශේෂාංග

ඩෙල්ටා එක් පුද්ගලයකුගෙන් අටදෙනකුට පැතිරෙන්න පුළුවන්

ඩෙල්ටා එක් පුද්ගලයකුගෙන් අටදෙනකුට පැතිරෙන්න පුළුවන්

ඩෙල්ඩා ප්‍රභේදය රටට ඇතුළුවී ඇතිබව පළමු වරට සොයාගන්නෙත් ඔබ ආයතනයෙන්. අද වනවිට රට විවෘතවෙලා. ඒ වගේම එන්නත්කරණයත් සම්පූර්ණය කරමින් පවතිනවා. මෙවන් තත්ත්වයක් තුළ ඩෙල්ටා ප්‍රභේදයේ හැසිරීම කොයිවගේ වෙයිද?

අපි වගේ දුප්පත් රටවල් හැමදාම වහගෙන ඉන්න බැහැ. රට ඇරලා ආර්ථික යළි ගොඩනගන විට රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම හැමදාම කිව්වේ එන්තත ලබා දෙන මුල්ම අවස්ථාවේදී දෙවරක් හිතන්නේ නැතිව පළමු වටයේදීම එන්නත ලබා ගන්න. ඒ විතරක් නොවෙයි හැම විට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අකුරටම පිළිපදින්න කියලා.

Explained: What's the 'Delta plus' variant? And will Covid-19 vaccines work  against it?

අපි මේ ප්‍රභේදය සමාජය තුළින් හඳුනා ගත්තේ පසුගිය ජුනි මාසයේදී. දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් 5 දෙනකුට මේ වයිරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලදී තහවුරු වුණා. ඒ විතරක් නෙවෙයි මේ මාසයේදී තවත් පුද්ගලයන් 14 දෙනකු වාර්තාව වුණා. කොළඹ 2, 5, 9, 10, 14 සහ අංගොඩ මානසික රෝහලෙන් සහ මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මේ වයිරසය හඳුනා ගත්තා.

උණ, කැස්ස, ගදසුවද නොදැනීම, උගුරේ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස මේ ප්‍රභේදයෙත් ලක්ෂණ විදිහට කියන්න පුළුවන්.

ඩෙල්ටා ප්‍රභේදය ලෝකයේ රටවල් කරා වේගයෙන් පැතිර යන විට තුන්වන එන්නත් කරා යාමට සිදුවෙයිද?

ඒ ප්‍රශ්නයට හරියට පිළිතුරක් දීමට අපහසුයි. ලෝකයේ බොහෝ රටවල් තුන්වන එන්නත් ගැන කතා කරනවා. නමුත් අපි තුන්වන එන්නත් ගැන කතා කරන්න කලින් දෙවන එන්නත ලබා දී සිටිය යුතු වෙනවා. මේ රෝගය අලුත් රෝගයක් .

දැනට භාවිත කරන එන්නත් නිෂ්පාදනය කරලා තියන්නේ චීනයේ හූහාන් නගරයේ පැතිර ගිය වයිරසයට අනුවයි. ඒ නිසා මෙය ඩෙල්ටා ප්‍රභේදයට කොපමණ සාර්ථකත්වයක් පෙන්වයිද ? මාත්‍රා දෙකෙන් ප්‍රතිශක්තියක් ගොඩනගා ගතහැකි වෙයිද? අපි දන්නේ නැහැ.

Looking for the COVID Vaccine? - Apple Care and Companion

ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ ප්‍රශ්නවලට ලෝකය පුරා තවමත් පිළිතුරු සොයමින් පවතිනවා.

අපිට දැනට ලබා දෙන එන්නත් ඩෙල්ටා ප්‍රභේදය කෙරෙහි කොතරම් සාර්ථකත්වයක් පෙන්වනවාද?

මේ වන විට භාවිත කරන ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් එන්නත් ඇල්ෆා හා ඩෙල්ටා ප්‍රභේදයන්ට සතුටුදායක මට්ටමින් ප්‍රතිචාරයන් දක්වනවා බව සොයාගෙන තිබෙනවා.

එතකොට සයිනොෆාම් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට යහපත් ප්‍රතිචාරයන් නොදක්වන බවද ඔබ කියන්නේ?

සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් ප්‍රකාශනයන් කිරීමට අපිට දත්ත වාර්තාවන් තවම නැහැ. නමුත් ලොව පුරා වාර්තාවන්ට අනුව සයිනොෆාම් එන්නතත් ඩෙල්ටා ප්‍රභේදයට විරුද්ධව සතුටුදායක ලෙස ක්‍රියාත්මක වෙන බවට සඳහන්ව තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ භාවිත කරන එන්නත සියල්ලේම කාර්යාක්ෂමතාව එකහා සමානව පවතිනවා. එන්නත් මාත්‍රාදෙකම ලබා ගැනීම ඉතාමත් වැදගත්. තමන් ලැබෙන මුල්ම අවස්ථාවේදීම එන්නත ලබා ගන්න කියලයි මම ආයෙමත් සෑම පුරවැසියකුගෙන්ම ඉල්ලා සිටින්නේ.

ලෝකයේ රටවල් 96ක් මේ ඩෙල්ඩා නව ප්‍රභේදය බලපෑම් කරන්න පටන් අරන්…

කොවිඩ් 19 ඇති කරන වයිරසය තමයි සාස් කෝවි 2 වයිරසය. මෙය පටන් ගත්තේ චීනයේ වූහාන් නගරයෙන්. මෙය අපි හඳුන්වන්නේ වයිල් ටයිප් වයිරස් කියාය. මෙම “ වයිල් ටයිප්” වයිරසය පරිනාමය වීමෙන් විවිධ ප්‍රභේදයන් නිර්මාණය වෙනවා. මෙසේ වයිරසයක් විවිධ ප්‍රභේදයන් නිර්මාණය වන්නේ එම වයිරසයේ යහපැවැත්ම සඳහා.

මෙසේ ප්‍රභේදයන් බෙදෙන විට යම් යම් වෙනස්වීම් සිදුවිය හැකියි. එසේ වන විට ජාන විකෘතිතා ඇතිවෙනවා. විකෘතිතාවන් පරම්පාරාවෙන් පැතිරෙන විට අපි කියන්නේ නව ප්‍රභේදයන් නිර්මාණය වෙනවා කියලා.

Virus variants in Asia threaten the whole world | Coronavirus and Covid-19  - latest news about COVID-19 | DW | 01.06.2021

නව ප්‍රභේදයන් කියලා කියන්නේ නව විකෘතිතා කීපයක් එකතු වෙලා සෑදෙන ප්‍රභේදයන්. ඒ විදිහට ආපු ප්‍රභේදයන් ගොඩක් ලෝකයේ තියෙනවා. වැදගත් විදිහට සලකන ප්‍රභේදයන් 4ක් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒවා තමයි ඇල්ෆා, බීටා, ගැමා, හා ඩෙල්ටා

ඇල්ෆ කියන්නේ B. 1.1.7 හඳුනා ගත්තේ එංගලන්තයෙන්, බීටා කියන්නේ B .1. 351 හඳුනා ගත්තේ දකුණු අප්‍රිකාවෙන්, ගැමා කියන්නේ P 1 හඳුනා ගත්තේ බ්‍රසීලයෙන්, ඩෙල්ටා කියන්නේ B 1.6.17.2

 

ප්‍රභේදයන් විශාල සංඛ්‍යාවක් තුළින් මේ ප්‍රභේද හතර ගැන විශේෂයෙන් කතා කරන්න හේතුව කුමක්ද?

රෝගයේ පැතිරීමේ වෙනසක් තිබේ නම්, රෝගයේ දරුණු තාවයේ වෙනසක් තිබෙනවා නම්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය මගහැර යාමට උත්සහ කරනවා නම්,  හඳුනාගැනීමේ පරීක්ෂණයන් මගහැර යාමේ හැකියාවන් පවතිනවා නම් එවැනි වයිරස් ප්‍රභේදයන් විශේෂත්වයෙන් සලකනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ඇති වී තිබෙන විකෘතිතා මොනවාද ?

මෙහි ප්‍රධාන විකෘතිතා ප්‍රභේද 4ක් පවතිනවා. මෙහි වැදගත්ම ප්‍රභේදය ලෙස L452R අපි සලකනවා. මෙම ප්‍රෝටීනය වැඩි වශයෙන් ශරීරයට ඇලී පැවතීම හේතුවෙන් වැඩි කාලයක් රැඳි පවතිනවා. මෙය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත කිරීමට හේතුවක් වෙනවා

L452R mutation potentially favors adaptive evolution of SARS-CoV-2

ඩෙල්ටා ප්‍ර‌භේදය කොපමණ වේගයකින් පැතිරෙනවාද?

චීනයේ හූහාන් නගරයේ වාර්තා වුණ වයිල් ටයිප් වයිරසයට වඩා සියයට 50ක වේගයෙන් මෙය පැතිරෙනවා. ඇල්ෆ ප්‍රභේදයට වඩා සියයට 60ක වේගයෙන් මෙය ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බවට දැනට වාර්තා වී තිබෙනවා.

අනික් ප්‍රභේදයන්ට වඩා මෙය වේගයන් පැතිරීම සිදුවෙන බව එන්නත්කරණයට සාර්ථකව මුහුණ දුන් එංගලන්තය, ඊශ්‍රායල , ඇමරිකාව වැනි රටවල්වලට පවා බලපෑම් ඇති කර තිබෙනවා.

ඩෙල්ටා වයිරසය ආසාදිත වූවකුගෙන් නිරෝගි පුද්ගලයන් කී දෙනකු ආසාදිත තත්ත්වයට පත් කිරීමේ හැකියාව පවතින්නේද?

එක් පුද්ගලයකුගෙන් පස්දෙනකු අටදෙනෙකුට පමණ සෑදීමේ හැකියාව පවතිනවා. නමුත් ඇල්ෆ ප්‍රභේදයේදී මෙය එක් පුද්ගයකුගෙන් ආසාදනය විය හැක්කේ පස්දෙනකුට පමණයි.

Can COVID-19 Spread Through The Air?

රෝගය ආසාදනය වීම වළක්වා ගැනීමට දැනට ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයිද?

දැනට කොවිඩ් රෝගය මර්දනය සඳහා ඇති හොඳම විසඳුම එන්නත්කරණයි.

නමුත් මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණක් තමයි එන්නත්කරණය කළත් ඔබට හඳුන්වා දී තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන් අකුරටම ක්‍රියාත්මක කිරීම. එන්නත ලබා ගත් අයටත් රෝගයට වැලඳී තිබෙනවා. නමුත් ඇතිවන සංකූලතාවන් දරුණු වෙන්නේ නැහැ.

ඒ කියන්නේ මාරාන්තික වෙන්නේ නැහැ කියන එකයි. කොහොම නමුත් එන්නත ලබා ගත්තත් මුව ආවරණය නිසි පරිදි පැලඳීම, නිතරම සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, වාත්‍රාශය හොඳින් පවතින ස්ථානයන්ගේ සිටීම, දොරකවුළු විවෘත නොවන ස්ථානයන්ගේ වැඩි වේලාවක් කාලය ගත නොකිරීම , දුරථභාවය පවත්වාගෙන යාම හා පුද්ගල කණ්ඩායම් ලෙස ඒකරාශී නොවී සිටිය හැකිනම් අපිට ඩෙල්ටා වයිරසයෙන් ගැලවීම අපහසු වෙන්නේ නැහැ.

එන්නත්කරණයේදී නියමිත කාලය තුළදී අපට ලැබෙන එන්නත් ගැන සතුටුවෙන්න පුළුවන්ද?

අපි වගේ දුප්පත් රටවල්වලට එන්නත ලබා නොදී පොහොසත් රටවල් එන්නත් විශාල වශයෙන් ඒ අයගේ ගබඩාවල රැස්කර තබා ගෙන තිබෙනවා. අපිට එන්නත් ලබා දුන් ප්‍රධානම රට වුණේ ඉන්දියාවයි. ඉන්දියාව පසුගිය දිනවල වසංගත තත්ත්වය දරුණුවට මුහුණ දෙන්න වුණ නිසා අපිට නියමිත කාලයට එන්නත ලබා දීමට නොහැකි වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීම මත තමයි දැන් අපිට එන්නත ලබා ගැනීමට සිදුවෙලා තියෙන්නේ.

එන්නත්වල ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්බන්ධයෙන් ඔබ ආයතනයේත් පර්‌යේෂණයන් සිදුකරනවාද?

අපි මේ වන විට ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, හා සයිනොපාම් එන්නත් සම්බන්ධයෙන් පර්‌යේෂණයන් සිදුකරමින් පවතිනවා. මේ මාසයේදී ඒ වාර්තාවන් සියල්ල ජාත්‍යන්තර සඟරාවල පළකිරීමට බලාපොරොත්තු වෙනවා.

Covid-19: Partnerships for coronavirus vaccines development

ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමග ඩෙල්ටා ප්ල්ස්වලටත් මුහුණ දෙන්න සිදුවෙයිද?

මෙතැනදී ඩෙල්ටා ප්ලස් ගැන කතා කරනවාට වඩා වැදගත් දේ තමයි එන්නත්කරණයට යොමු වීම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම.

ඩෙල්ටා ප්‍රභේදයත් සමග ඉන්දියාවේ පැතිර යන කළු දිලීර රෝගයේ බලපෑම් අප රටටත් ඇතිවෙයිද?

කළු දිලීරයට කියන්නේ වෙනම රෝගයක්. ඩෙල්ටා ප්‍රභේදයත් සමග කිසිම සම්බන්ධයක් නැහැ. රෝගියා ප්‍රතිකාර ගන්නා ආකාරය මත තමයි කළු දිලීරය ආසාදනය වෙන්නේ.

පසුගිය දිනවල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිදුකරන කොවිඩ් පරීක්ෂණ වාර්තාවන් මාධ්‍යයට නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් තහනම් කළා ඇයි මෙහෙම වුණේ?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කර තිබුණා වාර්තාවන් මාධ්‍යයට දෙන්න කලින් එය වසංගත රෝග විද්‍යා අංශය මගින් දැඩි අධ්‍යනයක් කළ යුතුයි කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට, සෞඛ්‍ය ලේකම්ට හා වසංගත රෝග විද්‍යා අංශයට අපි වාර්තාවන් නිකුත් කළ පසු තමයි මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළේ.

කොවිඩ් පරීක්ෂණයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපාදනයන් වෙන්කරනවාද?

මේ දක්වා සියලුම පරීක්ෂණයන් කළේ අපි සොයා ගන්නා ප්‍රතිපාදනයන් මත. ඉදීරියේදී යම් යම් ප්‍රතිපාදනයන් ලැබෙයි කියලා විශ්වාස කරනවා.

ශ්‍රී ජයවර්ධනපු විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර

 

•සටහන – ශ්‍රියානි විජේසිංහ