මට කලින් අපාය පෙන්වන්නෙ ඔයාට - ඩඩ්ලි සිරිසේන
මෙවර සහල් මිලදී ගැනීමේදී ගොවියාගේ ප්‍රශ්න ගැටළු, ජීවන වියදම් ප්‍රශ්න විසඳන සාධාරණ මුදලක් ගෙවීමට තමන් එකඟ වන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා පැවසුවේ එය රුපියල් 10,000ත් 11,000ත් අතර අගයක් විය හැකි බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා
"අලුත් ගොවිතැනින් එන නිෂ්පාදනය සඳහා ගොවියාට සාධාරණ මිලක් මම සියල්ලන්ගේම එකමුතුවෙන් තීන්දුවක් කරනවා. ඒක නිසා ඒ පිළිබඳව ඒක ගැන කිසිම සැකයක් සංකාවක් තියාගන්න එපා. දැනට වුණත් අපිට ඒ පිළිබඳව නිකන් ඉඟියක් වාගේ දෙන්න පුළුවන්. රුපියල් 10,000ත් 11,000ත් අතර වෙන්න පුළුවන්. ගොවියාගේ ප්‍රශ්න ගැටළු, ජීවන වියදම් ප්‍රශ්න විසඳන විදියට සාධාරණ මුදලක් ගෙවන්න අපි එකඟ වෙනවා. ආණ්ඩුව තීන්දු කරත් වෙන කවුරුහරි තීන්දු කරත්. අද දවස වෙද්දී අපිත් නිපුන ව්‍යාපාරයත් ඇරෙන්න අනෙක් කිසිම වී මෝලක් සහල් මේ මිලට සරිලන විදියට නිකුත් කරන්නේ නෑ. ඒක තමයි මගේ ඊළඟ ප්‍රශ්නය. රජය මැදිහත්වෙන්න කියලා කතා කළාට මේ වෙනකල් කිසිම රජයේ නිලධාරියෙක් මේ කටයුත්තට සම්බන්ධ වෙලා නෑ. ඒකෙන් මට තේරෙනවා මේ රජයට වුවමනා වෙලා තියෙන්නේ මගේ පිළිබඳව ප්‍රශ්නයක් විතරයි තිබිලා තියෙන්නේ දැන් මම මේ වැඩේ කරන්න ඉදිරිපත් වුනාට පස්සේ රජයේ කවුරුවත් මේ ගැන කතාකරන්නේ නෑ."
"වර්තමාන වෙළෙඳ අමාත්‍යවරයාට වී මෝලක් තියෙන එක ඇත්ත ඉතින්, එයා මේ මන්ත්‍රී වුණේ ඊයේ පෙරේදා නේ. එයාගේ මෝලේ වැඩිගානට වික්කයි කියලා දැනට පැමිණිල්ලකුත් නෑ. මම දැන් පස් සැරයකට වැඩිය වෙළෙඳ ඇමතිට කතාකරලා කියලා තියෙනවා මේ සහල් නිෂ්පාදනය කරන්නේ නැති වී මෝල් සම්බන්ධයෙන් තීන්දුවක් තීරණයක් ගන්න මොකක්ද මේ කරන විහිලුව කියලා. මමනම් කියන්නේ හාල් නම් මේ පාලන මිලට වැඩිය ගන්න එපා. ගේමම ඉල්ලන්න. ඊයේ පත්තරේ මම දැක්කා එක මෝල් කාරයෙක්ට අපාය පෙනිලයි කියලා උඩරට පැත්තේ මන්ත්‍රීවරයෙක්, සජබේ මන්ත්‍රීවරයෙක්. ඒ මන්ත්‍රීවරයාට හිටපු ඇමතිවරයාට කියනවා අර ෆයිල්, අර මම කියපු ෆයිල් ලිපි ලේඛන, ඒ ෆයිල් නෑ. ඇමතිතුමා ඔයා පරිස්සමෙන් මේ රට නැතිකරන්න ඔයා පුරුදු කරලා තියෙන්නේ ඔයා විතරක් නෙවෙයි ඔයාගේ දරුවන්ගේ පවා මගේ ළඟ තියෙන ඒවා ඇදගන්න එපා. මේ අපාය පේන්න, මට ඉස්සරවෙලා ඔයාට මම අපාය පෙන්නලා තමයි මම නතරවෙන්නේ කියන එක ඒ ඇමතිවරයා භාරගන්න කියන එක මේ අවස්ථාවේ විශේෂයෙන් ප්‍රකාශයක් කරනවා."