ටෙස්ට් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට
05 January 2021
ටෙස්ට් තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට
05 January 2021
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට දකුණ අප්‍රිකානු කණ්ඩායම අද සමත් විය.
මෙම තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණියි.
අනතුරුව පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානුවන් ලකුණු 302ක් රැස්කර ගත්තේය.
ඉනිමක පරාජයෙන් බේරීම සදහා තරගයේ තෙවන දිනය වන අද පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල ලකුණු 211ක් ලබාගත්තේය.
ඒ අනුව ලකුණු 67ක අභියෝගයක් දකුණු අප්‍රිකානුවන්ට හිමිවිය.
දකුණු අප්‍රිකානු පිල කිසිදු අපහසුතාවයකින් තොරව තරගයේ තෙවන දිනයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 67ක් රැස්කර ගෙන තරගයේ මෙන්ම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සමත් විය.
ඩීන් එල්ගාට තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය හිමිවිය.