ඩොලරයේ මිල ජපානයෙත් ඉහළට
ජපානයේ යෙන් මුදල් ඒකකය වසර 20කට පසුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබේ.
ජපානය තුළ ඇමෙරිකානු ඩොලරයක මිල යෙන් 135.19 දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2002 වර්ෂයේදීත් මෙලෙස ඩොලරයක මිල ජපන් යෙන් 135.20 දක්වා ඉහළ ගොස් ඇත.
ජපානයේ නික්කි කොටස් මිල දර්ශකයේ අගයත් දෙසතියකට පසු අවම අගය වාර්තා කර තිබෙන අතර ගෙවුණු සති අන්තයේ එහි අගය දැක්වුණේ 2.8%ක් ලෙසය.
ගෝලීය වෙළඳාම් කටයුතු සඳහා භාවිත කෙරෙන මුදල් ඒකක ලැයිස්තුවේ තුන්වැනි තැන හිමි කරගෙන සිටින්නේ යෙන් මුදල් ඒකකයයි.
යෙන් අවප්‍රමාණය වීමට මූලික වශයෙන් හේතු වන්නේ පොලී අනුපාත පුළුල් ලෙස වෙනස්වීම හේතුවෙන් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.