චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක්
12 April 2021
චීනයෙන් ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක්
12 April 2021
ශ්‍රී ලංකාව, චීනය සමග අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමකට අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
චීන සංවර්ධන බැංකුව සමග එළැඹි ගිවිසුමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අත්සන් තැබූ බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම ගිවිසුම මගින් රටට ගලා එන විදේශ විනිමය, කොරෝනා හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සවිමත් කිරිමෙහි ලා රජය දරන වෑයමට මනා පිටිවහලක් වනු ඇති බව, බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.